Thiraya Arenawa

තිරය ඇරෙනවා

Lyrics

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා //

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

තිරය ඇරෙනවා…

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී

තිරය ඇරෙනවා…

Thiraya Arenawa arenava – Sunil Edirisinghe Edirisingha

More from elon

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. ඉතින් මේ ගීතය බංඩාර ඇහැලියගොඩ මහතාට සුවිශේෂි ගීතයක් කියලා, එහෙම කියන්න හේතුව තමයි මේ ගීතය එතුමා රචනා කළ මුල්ම ගීතය වීම.

    ගීතය කාටත් සරලව තේරුම් ගත හැකි ලෙස ලියවිලා තියෙන නිසා මේ ලිපිය හරහා ගීතය ලියවුණු හැටි සහ ගීතයට සම්බන්ධ විශේෂ කරුණු කිහිපයක් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

    ගීතය බංඩාර ඇහැලියගොඩ මහතා සුනිල් එදිරිසිංහ මහතාට ලබාදෙන්නේ ජයලත් මනෝරත්න මහතා හරහා, මොකද ඒ වෙනකොට බංඩාර මහතා සුනිල් මහතා දැන හදුනා ගෙන හිටියේ නෑ. ඒ විදිහට බංඩාර මහතා යවපු ගීත කිහිපයක් අතරින් “තිරය ඇරෙනවා” ගීතය සහ සුනිල් එදිරිසිංහ මහතාම ගායනා කරන ” ලෝකයක් තනන්නට ” කියන ගීත දෙක ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට තොරා ගෙන තියෙනවා.

    1983 වසරේ නිර්මාණය වෙන මේ ගීතය බංඩාර ඇහැලියගොඩ මහතාගේ පෞද්ගලික අත්දැකීමකට අනුවයි රචනා වෙන්නේ. ඉතින් මොකක්ද මේ අත්දැකීම ???….. මේ බංඩාර ඇහැලියගොඩ මහතා ඒ ලබපු අත්දැකීම එතුමාගේ වචනයෙන්ම..

    “මම ඇහැළියගොඩ ඉගෙනුම ලබමින් හිටි කාළයේ විශාල කොන්සර්ට් එකක් තිබුණා. එකේ කොළඹ කාන්තා විද්‍යාලයෙන් අවිත් හිටිය. ඒ අය තමයි බතේ උපත නැටුවේ.

    මට එතකොට කල්පනා උනා, ‘ අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උඩවු වෙන දවස් තියෙනවා. ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි අපියි දන්නේ.

    සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දැකත්තක් අත නොගාපු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා. අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනේ?’ කියලා. 1970 ගණන් වල මා ලබපු මේ අත්දැකීම තමයි 83 දි ගීතයක් බවට පත්වුනේ.”

    Source : mayurapadamithuroape.blogspot.com

Enable Notifications OK No thanks