ආදරයේ උණුසුම ළඟ

Lyrics

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී  කල් ගෙවන්න බෑ //

තොල් අග මදහස දල්වා
ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනාවන් වැලලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ…..

‍දිවා රැයේ දකින සිහින
පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී
තැවුලින් හදවත් ඇවිලෙයි
ගීත  හඬින් සුසුම් හඩින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ…..

Adaraye unusuma langa laga -Somathilaka Jayamaha

More from elon

Enable Notifications OK No thanks