උන්නා එක ගංගාවක

Lyrics

උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ
උන් කී ඒ කතන්දරේ අක්කේ දැන් අහන්නකෝ
අක්කා වගේ රූපෙන් යස මල් මල් මුතු කුමාරිකා
කැන්දන් යන්න ආවලූ අහසේ හිරු කුමාරයා

ඒ කතන්දරේ හිරු කුමාරයා වාගේ කවුරු හෝ එයි අපේ දිහා
රාජ තේජසින් අශ්වයා පිටින් ආවොතින් එයා
මන් හඩාවී දෝ පුංචි නංගියා හඩවලා අනේ
ඒ කුමාරයා එක්කලා ඉතින් අක්කා යන්න යාවිදෝ

උන්නා එක ගංගාවක…..

මෙන්න මේ වගේ අක්කලා නිසා රෑට රෑට හෝ මල් පිපෙන්නේලූ
මුතු ලතා වගේ ඔය සිනා බලා ඒ පිපිච්ච මල් පර නොවේවිලූ
මෙන්න මේ වගේ අක්කලා නිසා නංගිලා ලොවේ වාසනාවියෝ ආ ආ වාසනාවියෝ

උන්නා එක ගංගාවක…..

Unna eka gangawaka- Uresha Ravihari

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks