Lyrics
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගෙ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි හැමදින
මලක නැවුම් සුවඳ පිරුන සොඳුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
හමුවෙන්නට සමුගන්නට…..
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කඳුළට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
හමුවෙන්නට සමුගන්නට…..
hamuwennata hanuvennata samugannata- Roshan Fernando
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment