ආදර නදිය ගලා

Lyrics

ආදර නදිය ගලා ආවා දෙගොඩ තලා
ආ පෙම සොයලා
කිරි දිය කඩිති පවා ආවා තරග පපා
මේ පෙම සොයලා

වන මල තනිව ඔබේ මිහිරෙන් පිරිලා තිබේ
සමනල කුමුදු ඔබේ තුරුලෙන් කැපිලා පෙනේ
මා ඔබේ මාලා සාලිය තුරුලේ
නෑ මාලිනී ඔබේ ගාමිණී උකුලේ
ආදර නදිය ගලා ආවා දෙගොඩ තලා
ආ පෙම සොයලා

පායාලා රෑනේ පීදේ පුරහඳ වාගේ වසන්තේ
ආදරයේ සාරේ බීලා තව පෙම් ගීත ගයන්නේ  මිහිරෙන් මිහිර සොයන්නේ

ආදර නදිය ගලා…..

අගරජ මමයි ඔබේ  ඔබ මා රැජිනී තමා
අමතමි ඔබට මගේ පෙම් ලොව රජිදා කියා
ආදරේ පාලා නැලවෙමු සොදුරියේ
ඕ රාජයාණෙනි පෙම් රස මිහිරේ

ආදර නදිය ගලා ආවා දෙගොඩ තලා
ආ පෙම සොයලා
පායාලා ප්‍රේමේ තීරේ පුර හඳ වාගේ වසන්තේ
ආදරයේ සාරේ බීලා තව පෙම් ගීත ගයන්නේ මිහිරෙන් මිහිර සොයන්නේ

ආදර නදිය ගලා ආවා දෙගොඩ තලා
ආ පෙම සොයලා //

Sdara nadiya gala- Mohideen Baig

More from elon

Enable Notifications OK No thanks