ආදරේ කියූ කිසිවෙකු

Lyrics

ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියමි පිය කතේ
සාගරේ රැලි වගේ ආදරේ පිරී
වැලි අතරේ යාවී කිඳී //

ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ

ඊයේ ඔබ හමුවුණා අවන්හල තුළේ
හෙට ඔබ මට මුණගැසේ උයන් සෙවනතේ //
හමුවීමත් ආදරය නොවේ
ආදරයත් හමුවීම නොවේ
වැලි අතරේ යාවී කිඳී //

ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ
මසිත මට කියූ රහසක් කියමි පිය කතේ

දවසක් මම වැලපුණා අන් ලඳක් නිසා
නැවතත් මම හිනැහුණා ඔබ ගැනත් සිතා //
සැනසීමත් සීමිතයි සිතේ
සීමිත දේ සැනසුමයි සිතේ
වැලි අතරේ යාවී කිඳී //

ආදරේ කියූ කිසිවෙකු…..

Adare kiyu kiu kisiweku-Priya Suriyasena sooriyasena

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks