Pana Mada Kadithi

පැන මඩ කඩිති

Lyrics

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩ කඩිති වැව් තාවලු …

Pana pena Mada Kadithi ape guruthuma – Sunil Edirisingha Edirisinghe සුනිල් එදිරිසිංහ

More from elon

1 Comment

  1. වරදකට වේවැල් පාරක් කෑ සිසුවෙක් පරිපාලන තනතුරක් ලබා
    තම ගුරුතුමා දුෂ්කර පලාතකට මාරු කර යවයි.
    ලොකු හාමිනේ ( ගුරුතුමා ගේ බිරිද ) සැමියා නොමැති
    සොවින්ම හුදෙකලාව මියයි.

Enable Notifications OK No thanks