ඇස රැඳුන රැඳුන තැන්වල

Lyrics

ඇස රැඳුන රැඳුන තැන්වල
මුව මඬල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුනා //

දුක් පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ
නින්දකට නොවැටී තැවි තැවි
මුළු රැය පහන් කළේ //

ඇස රැඳුන රැඳුන…..//

රෑ කවුද හෙමින් එළැඹී
මගෙ කණට මුව තියා
මින්දදගේ දුන්නෙ මල් හී
පහකැයි කියා ගියා //

ඇස රැඳුන රැඳුන…..//

වැසු විමන් පියන් පියවා
රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නෙ යටි හිතයි //

ඇස රැඳුන රැඳුන…..//

Asa raduna raduna thanwala/ esa randuna randuna- J.A. Milton Perera

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks