හිත නාඹර තාලෙට 

Lyrics

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා //

පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ

හිත නාඹර තාලෙට…

පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා
පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ

හිත නාඹර තාලෙට…

Hitha Nabara nambara නාබර Thaleta – Bathiya & Santhush bns

More from elon

Featured on

Enable Notifications OK No thanks