සිතුම් පැතුම්

Lyrics

සිතුම් පැතුම් පොදි බැඳ ගෙන අතින් කටින් තව ඩැහැ ගෙන
උපන් දා පටන් අපි පොඩි ගමනක් යනවා
වටින් පිටින් තව තව ගෙන කද මළු තව පුරවාගෙන
හති හල හල කඳු පල්ලම් දිගේ ඇදෙනවා
දෙපා වාරු නැති වෙන දින බර උසුලනු බැරි වෙන තැන
දුක හිතුනත් සමහර දේ ඉවත හෙලනවා
සළු පිළි අබරණ ද වටින පණ මෙන් සුරකින යහ ගුණ
සමහර විට අප නොදැනිම ඉබේ හැලෙනවා

පොඩි ගමනක් යනවා ගමන මග නවතිනවා //

අනවින කරනා අය දැන බැන බැන හෝ කරබාගෙන
අණ අතරේ හැකි නම් කොඩි විනද කරනවා
බැරි තැන ඉවසා කර දෙන අතරේ අප කල දුටු තැන
කරට නැගී පුළුවන්නම් කරක් ගහනවා
කැරකෙන රෝදය දුක සැප නින්දා පැසසුම් විඳ විඳ
දිවා රැයේ කඳු පල්ලම් දිගේ ඇදෙනවා
කද ඇන දෙක ගැලවුණු දින රෝදය පට්ටම සමගින
ගැලවී දිවි තවලම පල්ලමට වැටෙනවා

පොඩි ගමනක් යනවා ගමන මග නවතිනවා ////

Sithum pathum podi badagena – Keerthi Pasquel

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks