තවත් ආදරේ | Thawath Adare | Song & Lyrics

Lyrics of Thawath Adare

තවත් ආදරේ වැඩි වෙයි දුරට ගියාම
සිහි වෙනවා තුරුලේ ගෙවු සැදෑව
මැවී පෙනෙනවා මතකය මැදින් හිනාව
අගේ දැනුනේ ඔබෙන් මිදී දුරට ගියාම
අගේ දැනුනේ ඔබෙන් මිදී දුරට ගියාම

තවත් ආදරේ වැඩි වෙයි දුරට ගියාම
සිහි වෙනවා තුරුලේ ගෙවු සැදෑව

සිත් රිදුනා අපි හැඩුවා ලග සිටි දාක
තරහ උනා යාලු උනා මතකද තාම
සිත් රිදුනා අපි හැඩුවා ලග සිටි දාක
තරහ උනා යාලු උනා මතකද තාම
අගේ දැනෙන්නේ සත්තයි ලග නැති දාට

සුසුමක්වත් ඇයි තියන්න බැරි සිත ගාව
සුසුමක්වත් ඇයි තියන්න බැරි සිත ගාව

තවත් ආදරේ වැඩි වෙයි දුරට ගියාම
සිහි වෙනවා තුරුලේ ගෙවු සැදෑව

ඔබ මැවුනා ඔබ පෙනුනා සිහිනෙන් රෑක
අමතක නෑ ඔබ ගැන මට සිහිවෙයි තාම
ඔබ මැවුනා ඔබ පෙනුනා සිහිනෙන් රෑක
අමතක නෑ ඔබ ගැන මට සිහිවෙයි තාම
ඔයාට මං මතක් වෙනවදෝ හැමදාම
දුර සිටියත් වෙනස් වුනේ නෑ මම තාම
දුර සිටියත් වෙනස් වුනේ නෑ මම තාම

තවත් ආදරේ වැඩි වෙයි දුරට ගියාම
සිහි වෙනවා තුරුලේ ගෙවු සැදෑව
මැවී පෙනෙනවා මතකය මැදින් හිනාව
අගේ දැනුනේ ඔබෙන් මිදි දුරට ගියාම
අගේ දැනුනේ ඔබෙන් මිදි දුරට ගියාම
තවත් ආදරේ වැඩි වෙයි දුරට ගියාම
සිහි වෙනවා තුරුලේ ගෙවු සැදෑව

Tawath Adare – Ajith Perera

More from aveterone