නිසලවම හිඳිනා අප්පච්චි

මේ ගීතය පටන් ගන්නේ මෙහෙමයි “සියක් උල්පත් මවා දී නිසලවම හිඳිනා නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චී” දරුවන් වෙනුවෙන් අවශ්‍ය හැම දෙයක්ම ලබා දෙන නමුත් නිසල චරිතයක් වුන අප්පච්චි හරියට මහ කන්දක් වගේ, ඔව් නමක් නැති මහ කන්දක් වගේ.

ඊළගට මේ ගීතයේ පද පේළි තියෙන්නේ මෙහෙමයි “ඔබෙන් දිය ලැබ සාර වූ තුරුණු කෙත්වතු දෙස බලා නොපෙනෙනා තරමින් සිනාසී නිසලවම හිඳිනා අප්පච්චී”, තම වෙහෙසෙන් දියුණු වූ තරුණ දරුවන් දෙස බලා අසීමිත සතුටක් ලැබුවත් එය ලෝකයට නොපෙන්වන අප්පච්චි ………

“මෙහෙවරට ආ වැයි සිතා වෙහෙස නොබලා වෙහෙසෙනා තෙත් ගුණය මෙත් ගුණය සඟවා අකම්පිත වත පා අප්පච්චී” තමන්ගේ දරුවන් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන එක තමන්ගේ ප්‍රධාන කාර්යය කියල හිතන ගොඩක් හැගීම්බර නැති හැම දෙයක්ම හදවතේ සඟවාගෙන නොසැලී හිදිනා අප්පච්චි …….

මේ හැගීම්බර ගීතය ගායනා කරන්නේ කසුන් කල්හාර මහතා. එය පදපේලි සමග අහන්න. Click below

https://geemansala.com/station/appachchi/

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks