Song

අම්මා එනතුරු තාත්තගේ බලාපොරොත්තුව

ගොඩක්වෙලාවට ගෙදර දරුවන් බලාගන්නේ අම්මා. හැබැයි මේ සිංදුව පටන්ගද්දී කියන පද පේළි වලින් පෙනෙන්න්නේ ඒකේ අනිත් පැත්ත

මොකද ගල්මෝලක වැඩ කරන අම්මා එනකං බලාගෙන ඉන්න තාත්ත කෙනෙක් සහ දුවක් ගැන මේ විදිහට පද රචකයා ලියලා තියෙනවා

“කළුගල් මෝලේ සංගුව හැඩුවා උබටත් ඇහුණද පුංචි දුවේ මෙහෙය නිමා වී අම්මා එනතුරු නාඩා නැළවෙන්නේ”

පෙනෙන විදිහට තාත්තා දුවව නලව ගන්න උත්සාහ කරනවා.
ඇයි මේ පවුලේ අම්මා වැඩට යන්නේ …..හේතුව ඊලග පද පේළියේ මෙහෙම කියනවා
“දෑස අඳ මටයි පොඩි දුටයි”

ඔව් තාත්තා, අන්ධ කෙනෙක්.

ඒ නිසයි මේ ගීතය පටන් ගද්දි කළුගල් මෝලේ සංගුව ගැන කථා කරන්නේ, සංගුව නැත්නම් බෙල් එක ගහද්දි තාත්තා දන්නවා තව ටිකකින් අම්මා එන්න ඕනා කියලා.

ඒ නිසයි මේ ගීතය පටන් ගද්දි කළුගල් මෝලේ සංගුව ගැන කථා කරන්නේ, සංගුව නැත්නම් බෙල් එක ගහද්දි තාත්තා දන්නවා තව ටිකකින් අම්මා එන්න ඕනා කියලා.

තාත්තා දුවට කියන්නේ “ජීවිතයත් සෙනෙහසත් අරන් ඒ රුව තව ටිකකින් මතු වේවි” ඔව්, මේ පවුලේ ජීවිතයත් සෙනෙහසත් තියෙන්නේ අම්මා ගාව. ඒ අම්මා එනකං අඩන්නේ නැතුව ඉන්න කියල දෝනිට තාත්තා කියනවා.

තමුන්ගේ මේ ආදරණිය බිරිදට මේ අන්ධ තාත්තා කොච්චර ආදරේද කියනවා නම් අවසන් පද පේළිය මෙහෙම කියනවා “ඇගේ විඩාබර වතේ වේදනා මැකී යන්න අප දුටු සැණිනේ මටත් ඇහෙන්නට මිහිරි දසන් පා පුංචි දුවේ හිනැහෙන්”
මුළු දවසම මහන්සිවෙලා කළු ගල් මෝලේ වැඩ කරන අම්මගේ විඩාව නිවන්න දුවට පුළුවන්. කොහොමද?

“මිහිරි දසන් පා පුංචි දුවේ හිනැහෙන්”

ගොඩක් දේවල් නැති මේ පවුලේ ආදරය සෙනෙහස…….. ඒ ගැන ඔබම හිතන්න

මේ ගීතය “කළුගල් මෝලේ සංගුව හැඩුවා” ගායනා කරන්නේ එඩ්වඩ් ජයකොඩි මහතා විසින්

Click below to listen

Comment

Your email address will not be published. Required fields are marked *