Sanasum Susuman

සැනසුම් සුසුමන් පාවීලා

Lyrics of Sanasum Susuman Pavila

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
තරු මල් අතරින් රිංගාලා
කොහි යන්නෙ ද මා තනිකරලා
සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා

රෑ සඳ පානේ සීතල පවනේ
නා මල් අරණේ ළා දළු සෙවනේ..
මා ලයකර ඔබගේ සුව යහනේ
ගෙවූ අතීතය මතක ද මිහිරේ
ගෙවූ අතීතය මතක ද මිහිරේ

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
තරු මල් අතරින් රිංගාලා
කොහි යන්නෙ ද මා තනිකරලා
සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා

දෑසට පෙනෙනා එක ම රුවක් වෙයි
ඒ රුව මා නෙත් අංජනයයි..
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එන තුරු මා තනි වීලා
ඈ එන තුරු මා තනි වීලා

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
තරු මල් අතරින් රිංගාලා
කොහි යන්නෙ ද මා තනිකරලා
සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා

senasum sanasum – T. M. Jayarathna

More from Admin

Enable Notifications OK No thanks