Dannawada Oya

දන්නවද ඔයා

Lyrics

නැවතත් ඔබ එයි කියලා
වරු ගණන් බලා
හිතටත් නොදැනීම රහසේ
කාලයා ගියා
හදාගන්න හැදුවත් හදවත
තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක්
දන්නවද ඔයා

ඉඩෝරයට එන කඳුළු නෙතේ
කතා කරයි මතකයට අපේ
උන්නු තැනම මං එදා වගේ
කවුද කියනවද වෙනස් වුණේ
හදාගන්න හැදුවත් හදවත
තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක්
දන්නවද ඔයා

තද කඳුලේ රස්නෙට ලොල් වී
කෑ ගහලා නෙතු හැඬුවා මදී
හැම සංසාරේම මේ ලෙස හමු වී
මේ විදිහට වෙන් වෙන්න ඇතී

නැවතත් ඔබ එයි කියලා …
අදටත් ඇති සෙනෙහේ තරමක්
දන්නවද ඔයා

Dannawada oya nawathath oba eyi kiyala – Raveen Kanishka raween ravin rawin

More from Admin

Enable Notifications OK No thanks