අහිමි වුණත්

Lyrics

අහිමි උනත් නුඹ ලදේ මට අඬන්න අවසර නෑ //
විලෙන් එහා ඉද නුබේ සුවඳ වත එතී ආ සුළං මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලදේ මට අඬන්න අවසර නෑ

නොපැතූ අතකට අතදුන් දවසේ හෙලූ දුක් සුසුම් මගෙ මුව සිම්බා

අහිමි උනත් නුඹ ලදේ මට අඬන්න අවසර නෑ
නුබ කැන්දන් ගිය මංගල රිය නැගි
දූලි වලාවෝ මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලදේ මට අඬන්න අවසර නෑ

කියාගන්න බැරි දුකක් නිමන්නට
නෙත හෙලු කඳුළක් මගෙ මුව සිම්බා
අහිමි උනත් නුඹ ලදේ මට අඬන්න අවසර නෑ ///

Ahimi unath numba nuba – Victor Rathnayake

More from Admin

Featured on

Enable Notifications OK No thanks