අපි රාග වයනවා

Lyrics

අපි රාග වයනවා අපි බයිලා නටනවා හිතුණොත් පෝය දාට සිලුත් ගන්නවා
දනුත් බෙදනවා මස් මාළුත් කනවා බණත් අහනවා හිතුණොත් බොරුත් කියනවා //

මිනිස්සුනේ අපි මිනිස්සුනේ
දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙකලා අපි ආවේ නැහැනේ //

අපි සණ්ඩු කරනවා සාමය සොයා දුවනවා වරදක් තේරුණාම හිසත් නමනවා
අපි දුකත් විදිනවා සමහරු සැපත් විදිනවා ඉරිසියාව ක්‍රෝදය දෙක අපි හදුනනවා

මිනිස්සුනේ අපි මිනිස්සුනේ
දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙකලා අපි ආවේ නැහැනේ //

අපි ප්‍රේම කරනවා අතරේ වෛර කරනවා අදුරේ වැටුණු වලේ දවල් වැටෙනවා
කණුත් තියනවා හිතුනම ලණුත් අදිනවා බෙලිත් කැපෙනවා ඒවාට බෙහෙත් තියෙනවා

මිනිස්සුනේ අපි මිනිස්සුනේ
ඉරයි හදයි පායන්නේ අපේ ලෝකේ පවතින්නේ එවන් මිනිස් හැගුම් නිසානේ //

Api Raga Wayanawa Api Baila Natanawa (Minissune) Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Enable Notifications OK No thanks