Lyrics
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ
ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ
මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ
පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ
පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ
ගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ
ඔබේ සුවද පිරුණු ගෙදර පාළු කාමරේ
ලියූ ගීත කවි විතරද මට ඉතිරි වුනේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
මේ තරම්ම නපුරු හීනයක්ද ජීවිතේ
චන්ද්‍රමණ්ඩලේ සැතපුණු……
Chandramandale sathapunu – reply song – Abhisheka Wimalaweera Abisheka Wimalawira


 
			
 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment