Heena Potha (හීන පොත)

හීන පොත | Heena Potha | Song & Lyrics

Lyrics of Heena Potha

දන්නවද ආදරේ ගැන ඔයා
වැරදි නොකලත් වැරදිකරු මෙමා
මං කියා කෙනෙකුත් සිටි නිසා
රිදවන්නට හැකි වුනාද මංදා

නොදැනීම දෙවසරක් ගතවෙලා
යලි නොඑන බව මං දන්නවා
හුරු පුරුදු මතකයක සිර වෙලා
දිවි ගෙවනවා මං තනි වෙලා

ජීවිතය ගැන මං ලියාපු හීන පොත වගේ
මම වේදනාවෙන් ගෙව්ව දින ගැන පවසලා තියේ
හරි ආදරෙන් නුඹේ නමත් එහි ලියවෙලා තිබේ
යලි කාගෙ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑනේ
යලි කාගෙ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑනේ

පෙරදාක මා ලග උන් කෙනා
රහසේම තවකෙකු සතු වෙලා
නුඹ දුන්නු ආදරේ මට කියා
එලෙසින්ම විදිනවා ඇති එයා

යලි නොයෙන පාරේ එකට හමුවී ගැටුනොතින්
නුඹේ දෙනෙත් අනේ මට සිනහ නොමවී දුර ඇදෙන්නට එපා
අපි කරදා හෝ අපිව ආයේ හදුනනා දිනක් එයි කියා
නුඹ සිතනවා නම් හැරෙන්නටවත් එපා
නුඹ සිතනවා නම් හැරෙන්නටවත් එපා

ජීවිතය ගැන මං ලියාපු හීන පොත වගේ
මම වේදනාවෙන් ගෙව්ව දින ගැන පවසලා තියේ
හරි ආදරෙන් නුඹේ නමත් එහි ලියවෙලා තිබේ
යලි කාගෙ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑනේ
යලි කාගෙ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑනේ
යලි කාගෙ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑනේ

Ramidu – Heena Potha hina hena (හීන පොත) feat. @Themiya_Thejan

More from Admin