Iki Bindina Nethu

ඉකිබිදින නෙතු | Iki Bindina Nethu | Song & Lyrics

Lyrics of Iki Bindina Nethu

ඉකිබිදින නෙතු අගක කඳුළක් අරන්
සිතගාව තැබුවාම නුඹෙ ආදරෙන්
මං ගාව තුරුලටම දුක ළංවෙමින්
නුඹ ගාව උන්නාට වැඩි ආදරෙන්
මං නුඹ ගාව උන්නාට වැඩි ආදරෙන්

සිහිනයක පැටලිච්ච සිතුවිලි ගොඩක්
හිත ඇතුලේ සැරිසැරුවා කාටත් හොරෙන්
ඉකි ගසන හඩ ඇසුනේ මා හට උනත්
වෙන් වෙන්නේ නෑ සිත නුඹ දුර ගියත්
සිත වෙන් වෙන්නෙ නෑ මගෙ නුඹ දුර ගියත්

ඇසි පියට පොඩි වෙච්ච කඳුලක් අරන්
උණුසුමට ලග උන්නේ මහ රෑ හොරෙන්
හිත ඇතුලේ තනිවෙච්ච මගේ දුක අරන්
සනසන්න තුරුලටම ගෙන ඔබ ඉතින්
මා සනසන්න තුරුලටම ගෙන ඔබ ඉතින්

ඉකි බිඳින නෙතු අගක කඳුළක් අරන්
සිතගාව තැබුවාම නුඹෙ ආදරෙන්
මං ගාව තුරුලටම දුක ළංවෙමින්
නුඹ ගාව උන්නාට වැඩි ආදරෙන්
මං නුඹ ගාව උන්නාට වැඩි ආදරෙන්

Iki Bindina Nethu – Subhani Harshani subhani

More from aveterone