Lyrics
කුරහන් යායේ සඳ උතුරාගෙන
හිතට දුකක් ගලනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුඹට ඇසේවා සුදු නෑනේ
එදා වගේ සැඳෑ අදුර
වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පඳුරේ සෙවන සදනවා
කීව කතා රහසේ යලි සිතට නැගෙනවා
කුරහන් යායේ සඳ උතුරාගෙන …
මගේ පැලේ හිනැහීගෙන
සිටිනා ලෙස නුඹේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා
ඈත සිටින නුඹෙ නාමෙන් දෑස තෙමෙනවා
කුරහන් යායේ සඳ උතුරාගෙන …
Kurahan Yaye sanda sada uthuragena – T. M. Jayarathna jayarathne


Comment