මා ඔබත් එක්ක

Lyrics

මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් //

තොරතුරු විමසනවා ආ ගිය තැන් පවසනවා //
සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
මා ඔබත් එක්ක දිගට කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා //
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා
සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක් තරු මාත් එක්ක ප්‍රේම කතාවක්

වරදක් නැහැ කියනා කවුරුත් නොම එයි සිතෙනා //
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
එන්න අහනවා

මා ඔබත් එක්ක ….

Ma obath ekka suhada kathawak – Karunarathna Divulgane

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks