Lyrics of Mal Yaye Samanallu
මල්යායේ සමනල්ලු පාළුවේ ගිහින්
ඉස්කෝලේ අන්තිම දවසයි අපේ
මල්යායේ සමනල්ලු පාළුවේ ගිහින්
ඉස්කෝලේ අන්තිම දවසයි අපේ
කවදත් මේ වාගේ මල් හිනැහෙන පාරේ
කවදාද යන්නේ ඉස්කෝලේ ආයේ
සුවඳත් අද වාගේ පෙරළේ හද යායේ
සමුගන්න කඳුළින් දෙනුවන් පිරීලා
මේ අපේම පන්තියේ යාළු යෙහෙළියෝ දමා
හැර යන්න මට බෑ පාසල් බිමෙන් එහා
මල්යායේ සමනල්ලු.. පාළුවේ ගිහින්
ඉස්කෝලේ අන්තිම දවසයි අපේ
වැහිදාට පාරේ මඩ බින්දු ඉහිලා
සුදු පාට ගවුමේ සිතුවම් පිරිලා
පාඩම් කියෝලා ගී සින්දු කියලා
වේලාව නොගෙවා ගුරු සිත් නිවාලා
ජීවිතේ කතන්දරේ හෝඩියේ ඉදන් ලියූ
ඉස්කෝලේ යුගයේ නිම වේවි දුකෙනී
මල්යායේ සමනල්ලු.. පාළුවේ ගිහින්
ඉස්කෝලේ අන්තිම දවසයි අපේ
මල්යායේ සමනල්ලු පාළුවේ ගිහින්
ඉස්කෝලේ අන්තිම දවසයි අපේ
Mal Yaye Samanallu – malyaye samanalu – Champa Kalhari


Comment