Me gase boho Amu Sinduwa

මේ ගසේ බොහෝ | අමු සින්දුව

Lyrics of Me Gase Boho Amu Sinduwa

අමර නයනා චූටි කාලේ පොත්වල අපි කියෙව්ව
උන් ලොකුවෙලා මල් කඩනවා සල්ගහ යට දවල්ට
උඹ මුරු නයිජීරියා ඉඳලා ආවද අපි බලන්ඩ
අඩෙ සොරි බන්, තාම බෑනේ කඩ්ඩෙන් මට වනන්ඩ

මේ ගසේ බොහෝ
පැණි දොඩම් ඇතේ
කියලා, වැඩිය කඩපු එව්න් තමයි
හිටියෙම පාරේ
කියලා, වැඩිය කඩපු එව්න් තමයි
හිටියෙම පාරේ

අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු කියන්ඩ
ආයෙ මචන් අපි ආසයි ඒත් උඹල නෑනේ හොයන්ඩ
චක්කරේ මට කටපාඩම් මල්ලි උඹට කියන්ඩ
ඒත් බඩු මිලකට පඩිය පදිරි වෙනහැටි බෑ හොයන්ඩ
ඒත් බඩු මිලකට පඩිය පදිරි වෙනහැටි බෑ හොයන්ඩ

මේ ගසේ බොහෝ
පැණි දොඩම් ඇතේ
කියලා, වැඩිය කඩපු එව්න් තමයි
හිටියෙම පාරේ
කියලා, වැඩිය කඩපු එව්න් තමයි
හිටියෙම පාරේ
කියලා, වැඩිය කඩපු එව්න් තමයි
හිටියෙම පාරේ

Me Gase Boho Amara Nayana chuti kale poth wala api kiyevva – Sanjeew Lonliyes

More from RogueOne