Mulu Muhudama Hadai

මුළු මුහුදම හඬයි

Lyrics of Mulu Muhudama Hadai

මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි
මට සිතෙයී
මුළු මුහුදම හඬයි
ඔබ වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි
මට සිතෙයී
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි

සිත තරණය කරගනු
බැරි මිනිසකු විලසින්
දිවි වෙරළෙහි තනිවීලා
හඬා වැටී නෑ

ඔබ අන් සන්තක වනු
දුටු සිතකින් කැළඹුනූ
සිත අඳුරෙහි ලතැවීලා
හඬා වැටෙනවා

මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි
මට සිතෙයී
මුළු මුහුදම හඬයි
ඔබ වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි
මට සිතෙයී
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි

අප වෙන්වන දින මතු
කිසි කල නොඑතැයි සිතු
සිත අද ඇයි වැලපෙන්නේ
හඬා වැටෙන්නේ

ඇය හැර ‍යන්නට සිත
මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ලතැවෙන්නේ
කොහෙද යන්නේ

මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි
මට සිතෙයී
මුළු මුහුදම හඬයි
ඔබ වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි
මට සිතෙයී
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි

Mulu මුලු මුහුදම හඩයි Muhudama Hadayi – Priya Sooriyasena suriyasena

More from aveterone