ඔබ පෙම් කරනා

Lyrics

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරෙයි කියා තිබේ //
සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක රඟ හල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ පෙර දවසක මා තුරුළට වී හිඳ මටද ආදරෙයි කියා තිබේ

ඔබ පෙම් කරනා ….
සක්මන් මලුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරෙයි කියා තිබේ
ඔබ පෙම් කරනා ….

Oba Pem Karana Obe Kumari Lyrics – Gunadasa Kapuge

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks