ඔබ තරම් පෙම් කල කිසිවෙක්

Lyrics

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වි ගිය දා
ඔය නෙතු හැඬ වූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ
මේ තරම් ආදරේ

රැය පුරා ඉකිගසා රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්

තනිවෙලා මා ලොවේ
හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි
අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්

ඔබ තරම් පෙම් කල කිසිවෙක් …

Oba tharam pem kala kisiwek kisivek – Theekshana Anuradha thikshana anurada

More from Admin

Enable Notifications OK No thanks