Paloswaka Sanda Payanu Wanne
&

පාළොස්වක සඳ

Lyrics of Paloswaka Sanda

පාළොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කළ පින් අපට කොයින්දා
පූරුවේ කළ පින් අපට කොයින්දා

සැතපෙන නින්දෙදි රෑ තුන්යම
හීන හතක් පෙනුණා
සඳ කිඳුරෙකු ලෙසිනා එම සඳ
ඔබෙ රුව නෙත ඇඳුණා
සියුමැලි වත දකිනා
මා නෙත ආල මතින් බැඳුණා
මියුරු තෙපුල් නඳනා
සවනත බිඟු ගී රැව් නඟනා
සවනත බිඟු ගී රැව් නඟනා

පාළොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කළ පින් අපට කොයින්දා
පූරුවේ කළ පින් අපට කොයින්දා

කියා ගන්න බැරුවා
හිතු දේ තොල් අතරේ රැඳුණා
මනාප දෝ මන්දා
මා සිත ආදර මල් පිපුණා
තුන් ඉරි ගෙලට ළඳේ
රිදියෙන් මාල පොටක් දෙන්නා
එරබදු මල් මාසේ
නැකත‍ට කැන්දාගෙන යන්නා
නැකත‍ට කැන්දාගෙන යන්නා

පාළොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කළ පින් අපට කොයින්දා
පූරුවේ කළ පින් අපට කොයින්දා

Palosvaka Sanda pasalos waka පාලොස්වක pasaloswaka – Pandith Amaradewa & Neela Wickramasinha wickramasinghe

More from RogueOne