Pihithuden Adare Liwwe

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

Lyrics of Pihithuden adare livve

මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
එහෙම කිව්වේ
මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන් ..
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
පිහිතුඩෙන් ..
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය කඳුළු පිනි ඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ
මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන් ..
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
පිහිතුඩෙන් ..
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
පිහිතුඩෙන් ..
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

Pihithuden adare liwwe – Sanjeew sanjeev lonlines Sanjiw Lonliyes Srilankan Amu music culture

More from Admin

1 Comment

  1. සටහන : බී.ජී .යසන්ති දුලාංජලී පෙරේරා, ශාස්ත්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

    “මතකවල සුසුමන් දරාගෙන
    උඹයි හදවතේ සියුම් තැන්වල පිහිතුඩින්..
    පිහිතුඩින් ආදරේ ලිව්වේ”
    හැම කවියක්ම, ගීයක්ම හරි පරිස්සමට මම කඩදාසි පිටු අතර තවරන විට, නුඹ ඒ හැම ගීයකට ම පෙරනිමිත්තක් පිහිතුඩින් හදවතේ සියුම් තැන් ස්පර්ශ කොට ලියා තිබුණා.

    ඉතින් ‘ප්‍රේමය’ ඒ අකුරු තුන සමහර හිත්වල හරි ලස්සනට හුස්ම ගන්නකොට, තවත් හිතක් තුළ රිදුම් දෙන, හුස්ම අයදින, ජීවිතේ කඩාගෙන වැටෙන සමහර මිනිස්සුන්ගේ ජීවිතවල දුර්වල ම තැන ද වී තිබුණා.

    “මගෙත් හිත මොන තරම් රිදුණද
    මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
    උබයි හදවතේ සියුම් තැන්වල
    පිහිතුඩින් ආදරේ ලිව්වේ…”

    දැනුණු හිතකට තමන්ව නොදැනීම දැනුණ බව නොකියා ම හුස්ම ගන්නට වීම, අයිතියක් නැති අහම්බකාරක හිතකට හදවත පසාරු කර කවි ලියන්නට ඉඩ දීම, ජීවිතේ වරක් දෙවරක් නොව එක් වරක්වත් විදීමට නොලැබීය යුතු දෙයකි. නිර්නාමික හිතවත්කමක් සමඟින් සිදුවෙන මතක ගනුදෙනු, හදවත නිමේෂයෙන් නිමේෂය දවාලන ගිනි පුළිඟු මෙනි.
    ඇතැමුන් හදවතේ ලියු කවිපද විරහවත් සමඟ තවමත් විටින් විට පාරගෙන රසවිඳින ප්‍රේමණීය හිත් බොහෝ ඇත.

    “දැවෙන චිතකය විරහ ගිනි මැද
    මමයි නිතරම නුබව සෙව්වේ
    රිදෙන බව දැන දැනම අපමණ
    නුබයි හදවත සියුම් තැන් වල පිහිතුඩින් ආදරේ ලිව්වේ”
    සමහරවිට මේ ලෝකේ දරුණු ම විරහව අවුරුදු ගණනාවක සම්බන්ධයක කෙළවරවරත්, උණුසුම් හාදු, වැළඳ ගැනීම් ගොන්නක අවසානයවත් නොවේ. ස්පර්ශයක්වත් නැති ප්‍රේමණීය හැඟීමක දුරස් වීමක්, රිදුම් ගොන්නක් මැද තනි උන හමුවීමක මතකයක් විය හැකිය. ජීවිතේ අවසාන වන තුරු ම තමන්ට එක් දිනක් හෝ ආදරය කරාද යන කුතුහලය විය හැකියි. ඉතින් දවසක මතක සුසුමන් එක්ක, ජීවත් වන හැම තප්පරයක ම හීන් රිදුමක් දෙන මඟහැරුණු, යළි මුණ නොගැසුණ හදවතේ පිහිතුඩින් ප්‍රේමය ලියු කවියකුගේ මතක ඔබටත් ඉතිරි විය හැකිය.
    ඉතින් ප්‍රේමය වචන කළවුන් බොහෝමයක් අතර හදවතේ ලියා ගිය එක් හමුවීමක සසර පුරාවට හමුවී මඟ හැරී යනු ඇත.

    #vibhavasocial