Pihithuden Adare Liwwe

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

Lyrics of Pihithuden adare livve

මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
එහෙම කිව්වේ
මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන් ..
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
පිහිතුඩෙන් ..
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය කඳුළු පිනි ඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ
මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන් ..
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
පිහිතුඩෙන් ..
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
පිහිතුඩෙන් ..
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

Pihithuden adare liwwe – Sanjeew sanjeev lonlines Sanjiw Lonliyes Srilankan Amu music culture

More from Admin

Enable Notifications OK No thanks