Lyrics
සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා
කටු අගට ලස්සන නොදී //
පරෙවි තුඩකින් විළඳ දුන්නට
ගිරවියක වළඳන්නේ නෑ
කඳුළු බිඳුවක රැඳෙන ගින්දර
හිනාවක් හඳුනන්නේ නෑ
සඳක් නම් බැස යන්න තිබුනා ...
පොළොව උසුලන සියළු දුක සැප
අහස් තලයෙනි හිමි වුනේ
පොළෝ තලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ
සඳක් නම් බැස යන්න තිබුනා ...
Sandak sadak nam besa basa yanna thibuna - Rohan Shantha Bulegoda
Comment