ප්‍රේමයේ අස්වැන්න

Lyrics

ප්‍රේමයේ අස්වැන්න නෙලා ගෙපැලට ගන්න අවසරයි
සෙනෙහසින් කිරි වැදී රන්වනින් කරල් බරවූ දිනේ
ප්‍රේමයේ අස්වැන්න නෙලා ගෙපැලට ගන්න අවසරයි

දෙකන්නේ මුදු වදන් වපුරුවා
නියං ලිනි ඇවිලුනත් හිත නිවා
සොරොව්වෙන් ගලා එන
දියවරක් සේ ඇදී නුඹේ සිත මට යමක් කියනවා

ප්‍රේමයේ අස්වැන්න ….

රෑ පැලේ පැදුර තනිපන්ගලේ
සඳ මඩල පෙම් පුරාණ සක්වලේ
අඩහැරෙන් ඒ පොලේ අවදි වී යෞවනේ
නුඹේ සිත මට නැකත් ගෙනෙනවා

ප්‍රේමයේ අස්වැන්න ….

Premaye aswenna asvenna asvanna nela gepalata – Karunarathna Divulgane

More from Admin

Featured on

Enable Notifications OK No thanks