සඳළුතලේ හිඳ

Lyrics

සඳළුතලේ හිඳ පෙර මග බලනා මානවිකාවිය, ඔබට කියන වග නම් ඔබ ගෙන යන්නට සහපිරිවර හා මා එන්නේ නැත රන් දෝලාවෙන් නම් //

ඇත් හල්, අස් හල්, සිව්රඟ සේනා දැසි දස් පිරිවර සහ රන් දෝලා //

පැතූ වගක් ඔබ මා සිතුවේ නැත සෙනේහයේ මුල් අකුරු කියූ දින
අචිරවතී ගං ඉවුරු තලේ

සඳළුතලේ හිඳ පෙර මග බලනා….

රන් පට, රන් සළු, දර්ශන මාලා මැදුරු, සඳළුතල, මංගල යානා //

නිසරු ඉසුරකට මහදේ ඉඩ නැත ඔබගෙන් සමුගෙන ඈතට යන්නට
ඉතින් අවසරයි කුමාරියේ

සඳළුතලේ හිඳ පෙර මග බලනා….

Sadalu Sandalu Thale Hida Hinda – Prof. Sanath Nandasiri

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks