Lyrics
හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
වරලස අක්බමරුන් රැඳී රේඛා
දෙනෙතිහි නිලූපුල් මල් පෙති රේඛා //
දෙතොලෙහි ආදර හසරැලි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
හද විල කලඹන පෙම් ජල රේඛා ...
නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා //
ආල නුරාවෙන් බැඳි රන් රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
හද විල කලඹන පෙම් ජල රේඛා ...
දෑල ළමැද රන් ගෝමර රේඛා
ඈතදි පෙන්වන කෝමල රේඛා //
මෑතදි බැලූවිට ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
හද විල කලඹන පෙම් ජල රේඛා ...
Hada wila kalambana kalabana pem jala reka - Nanda Malani
Comment