Lyrics
ලොව නිසසල වී නවතින මොහොතේ
යටි හිත් මතුකොට සිනහා සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා //
තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොඳවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇති තුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන
ලොව නිසසල වී…..
අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එක තැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන
ලොව නිසසල වී…..//
Lowa lova nisasala wee wi vi vee -Niranjala Sarojini
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment