Lyrics
සිනා සිසී එයි වසන්තයක් යළි
හද දිනු ප්‍රේමයෙ මල් පුබුදන්නට
පොත් මිටියක් ගෙන ඇය දිව එනවා
පාළු මාවතේ මා හමුවන්නට
ගයා අඩක් දුර නැවතුව ගීතය
හදට තුරුළු වී යළිත් ගයන්නට
කුරුළු තුඩක සංගීත මැවී එයි
කුරුළු තුඩක සංගීත මැවී එයි
අසළ ගසක පිපි මල් රොන් පිසගෙන
සිනා සිසී එයි…..
බලාපොරොත්තුව හද දැල්වෙනවා
ජීවිතයේ ජීවනය පතාගෙන
දහසක් දුක් ගිනි තවමත් ඉවසන
දහසක් දුක් ගිනි තවමත් ඉවසන
ඇගේ දයාවේ කඳුළැලි අතරින්
සිනා සිසී එයි…..
Sina sisi eyi ei- Somathilaka Jayamaha


		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment