Lyrics
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
නිසල සැඳෑවේ මේ ගං ඉවුරේ
දෙඩූ වරු ගණන් පෙම් පියසේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
පාළු මාවතේ මා තනි වී
සුසුමන් පාවී හැඟුමන් යාවී …
මතක සිහිනයේ මා හද රිදවා
තනි කර දා ඔබ යන්න ගියේ
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
තනි වී ඉන්නම් මා ලදුණේ
සුසුමන් පාවී හැඟුමන් යාවී …
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
ආදර දෙවොලේ පිදු මල් පර වී
ආදර දෙවොලේ පිදු මල් පර වී
ආදර දෙවොලේ පිදු මල් පර වී
Susuman Pawee pavi pawi – Athula Sri Gamage


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment