Lyrics Of Willuda Punchi Depa
විල්ලුද පුංචි දෙපා කළුකර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
මට රිදවන්න එපා මග හැර යන්න එපා
තරහා වෙන්න එපා මේවගේ
අනුකම්පා නැතිදෝ සිරියාවී
මේ හැටි ආඩම්බරදෝ
පූරුවේ පිනින් ලැබූ මගෙ දේවී
විල්ලුද පුංචි දෙපා කළුකර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
මට රිදවන්න එපා මග හැර යන්න එපා
තරහා වෙන්න එපා මේ වගේ
අනුකම්පා නැතිදෝ සිරියාවී
ලා ලා ලා ලා ලා ල ල ල ලා ලා
ලාඅ ආ ලාඅ ආ ලාආ
උදයට පින්න වගේ සයුරට රැල්ල වගේ
ඉන්නේ මං නේදෝ සීදේවී
සිත වාවන්නෙ නැතේ දිවි නහගන්න සිතේ
ඩිංගක් හිනැහෙන්කෝ සීදේවී
සරදම් චාටු කතා මට කීවාට ගොතා
ආයෙත් රැවටෙන්නෙ නෑ
මායම් අරුමෝසම් වරදීවී
විල්ලුද පුංචි දෙපා කළුකර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
බොරු පිරිමින්ගේ උපා මට පෙන්නන්න එපා
පස්සෙන් එන්න එපා මේ වගේ
දකිනා කවුරුන් හෝ හිනැහේවි
ගිනියම් අව්ව වැදී හැඩ රුව යාවි මැකී
මගෙ හිත ඒ හින්දා වැලපේවී
සිරිපොද බිංදු වගේ දොතට එන්න මගේ
මේ හිත ආදරයෙන් හිනැහේවී
පියුමට සුවඳ වගේ සුවඳට පියුම වගේ
සිතිවිලි අප දෙන්නාගේ
දවසක මං ලොකේ රජ වේවී
විල්ලුද පුංචි දෙපා කලු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අව ලස්සන වේවි සිරියාවී
අව්වට යන්නෙ නැතේ
හිත රිදවන්නෙ නැතේ
තරහා වෙන්නෙ නැතේ මා ප්‍රියේ
මා හිත ආදරයෙන් හින හේවි
මේ හැටි ආඩම්බර දෝ
පූරුවේ පිනෙන් ලැබූ මගේ දේවී
විල්ලුද පුංචි දෙපා
කලු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අව ලස්සන වේවි සිරියාවී
ලාලා ලා ල ල ලා ලා ලා
ලා ල ල ල ලා ලා ලා ල ල ලා
ලා ලා ලා ල ලා ල ල ලා ලා
Willudha willuda Punchi Depa – H.R Jothipala & Latha Walpola
Comment