Lyrics
නෙතු ළඟ දග කරනා ආඩම්බරකාරී ඉග සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී
කෙදිනක හෝ නුඹ මගෙ ළඟ නවතීවී සිත මගේ ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරී
මගෙ සුදු ආඩම්බරකාරී…
නිල්මිණි දෑසේ කුළුදුල් පෙම දැකලා සිත රහසේ බැදුණා
ඔය වත කමලේ පුන්සද සේ රුව ආඩම්බර පානා ගතියට ආල හැගුම් මැවුණා…
නෙතු ළඟ දග කරනා ආඩම්බරකාරී …….
කාටත් නොකියන කවුරුත් නොදන්න රහසක් මුමුණාවී
උණුසුම ඉල්ලාවී මගෙ සයනේ සැතපේවී
ආඩම්බර ගති නොතිබුණා වගේ ආදරේ ඉල්ලාවී
නෙතු ළඟ දග කරනා මගෙ ආඩම්බරකාරී…
නෙතු ළඟ දග කරනා ආඩම්බරකාරී …….
මගෙ සුදු ආඩම්බරකාරී…
Nethu laga daga karana Adambarakari – Pradeep Rangana
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment