ජීවිතේ කවියක්

Lyrics

ජීවිතේ කවියක්
ආදරේ සොඳුරු තම වදනක්
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්
එකට එක්වූ විට දැනෙයි
පෙර නොවිදි රසයක්

පසුපසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝදුර
දුක ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා
හැඟුම් අවදිව මැවේ කවිකම

ජීවිතේ කවියක් ...

සෙනෙහසින් රැදී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතක
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ
කවුරු නම් ලංවේද තනියට

ජීවිතේ කවියක් ...

Jiwithe jeewithe jeevithe jivithe kaviyak Gajaman nona - Nanda Malani නන්දා මාලිනී

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *