Adara Nil Dase

ආදර නිල් දෑසේ

Lyrics of Adara Nil Dase

ආදර නිල් දෑසේ ආදර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ
ආදර නිල් දෑසේ

ආදර මල පිපී වැනේ
ඇගෙ පෙම් හද පොකුණේ
මගේ ළමැද පළඳින්නයි
ඒ රන් මල පිපුණේ
ආදර නිල් දෑසේ
ආදර නිල් දෑ‍සේ

විමානයේ කවුළු දොරින්
නෙත් හී සැර විදලා
කුමාරියක් කතා කරයි
කාටද අත වනලා
ආදර නිල් දෑසේ
ආදර නිල් දෑ‍සේ

සිනහ දෙතොල් යහනාවේ
වැතිරෙමි රස උරලා
හද ලෙන් දොර වසනු මැනවි
මා එහි සිර කරලා

ආදර නිල් දෑසේ ආදර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ
ආදර නිල් දෑසේ

Adara Nil Daase – Narada Dissasekara naradha

More from Admin