Lyrics
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑවේ
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආවේ
සීතල රළ ඔස්සේ පීනා ගිය වරල් සලා
සෝභන රුවැති මසුන් දැමූ දැලට ඇතුල් කලා අගාධ සාගරයේ
මුළු ජීවිතේදි මාගේ නැත පරාදීන වූයේ //
කිසිදාක නොමැත මෙලොවේ සෝක සුසුම් හෙලුවේ
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑවේ
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආවේ
අගාධ සාගරයේ
සඳ වතට අඹර වාගේ ඔබ හිතට ඔබී මාගේ
ආලෝක වන්න මේ ගේ එළියද වෙන කාගේ
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑවේ
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආවේ
අගාධ සාගරයේ
මගෙ හද සයුරේ ගිලිලා පෙම් පිඩු අතරේ වැහිලා //
ඇති රන් මාලුවෙ බබලා නොඑනු දැලෙන් මිදිලා
අගාධ සාගරයේ…..
Agada agadha sagaraye- J.A. Milton Perera


Comment