Lyrics
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ
පෙරදා මෙන් හද මල් පිපුනාදෝ
සතුටු කඳුළු නුවනග මිදුණාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමිවූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදී ලබන දිනේ
අකලට වට මහ වරුසාවක් සේ…..
Akalata wata vata maha varusawak warusawak se - Niranjala Sarojini
Comment