ඔජායේ

Lyrics

විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා මහ කැලයේ වැද්දන් දැකගත්තා
වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා, ප්‍රීතියෙන්
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ////

දුන්නයි, ඊතලයයි, කෙටේරිය ගෙනල්ලා ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
මී පැණි පොවලා, මුව, ගෝන මස් හදාලා කෑමක් දීලා සංගීතයක් දමාලා
වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා, ප්‍රීතියෙන්
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ////

නායක වැද්දගේ දුව ගෝමරි හැඩකාරි නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ
බැඳුණත් හිත මගේ කරගන්නට ඈ බාරී මට බය හිතුණා ඈ හරි කටකාරී
ආසා හිතුණා ඈ කියූ ගී මිහිරී
නෑ කිසි භේදේ, සමගිය හා සහයෝගේ වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ
නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ
තාමත් රැව්දෙයි වැදි ගී නාදේ
ඔජායේ (ඔජායේ, ඔජායේ, ඔජායේ, ඔජායේ)
ඕයේ-ඔජායේ, ඕයේ-ඔජායේ ///////

Oye Ojaye Lyrics – Gypsies

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks