අන්දර යායේ

Lyrics

අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී //

වළාකුලේ දා බිදු තවරා මහපොළවට මහ වැසි ගෙනෙනා //
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද පිතු සෙනෙහේ කඳුලැලි සලනා
අන්දර යායේ වැව්තාවුල්ලේ …..

තුරු හිස මුදුනේ මල් ඵලදා කැකුළු මුවට ඵල වැල නෙලුවා //
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද සිදාදියට යන මං තැනුවා
අන්දර යායේ වැව්තාවුල්ලේ …..

Andara Yaye appachchi – Karunarathna Divulgane

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks