Lyrics of Athagili badune ai
අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ලඳකි මෙමන්
ඔබ ලඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ලඳකි මෙමන්
සිත සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුනෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ලඳකි මෙමන්
සිතු පැතු හැම දේ නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙනු තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබෝවන්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ලඳකි මෙමන්
Athagili bandune ai – Indrani Perera
Comment