මහ ඝන වනන්තරේ

Lyrics

මහ ඝන වනන්තරේ ලොවෙ ඈත කෙලවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑනක් අතරේ //

ඇය ඔකද වෙමින් රඟන විටද සැංගිලා
මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා //
වන මලක් වෙලා ජනිත උනොත් එම කැලේ
මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ //

මහ ඝන වනන්තරේ…..

ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා
ඉමි උඳු පියලිය පළස විලස වැතිරිලා //
දිය පාරක් වී බැසයන කල වන පෙතේ
මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ //

මහ ඝන වනන්තරේ…..//

Maha gana wananthare vananthare – J.A. Milton Perera

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks