පියාපත් සලා

Lyrics

පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ නවාතැන මගේ ඔබේ හද තුළයි සොඳුරියේ//

මල්ගොමු පිස එන මඳනල අතර මඟක දී මා එන මඟ වළකන්නට බලා උනි රැඳී//
දසත සැරිසරා සෙව්වෙමි ගුවන්තල අරා නොදැක ඔබේ රුව, ශෝකය නැගෙයි හද පුරා

පියාපත් සලා…..

සෙවන ලදිමි තුරුගොමුවල එය නොවේ සුවේ
ගිමන නිවන මහද අරන තුරුළ ඔබ ප්‍රියේ//

වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරිසරා
සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා

පියාපත් සලා…..//

Piyapath sala – Milton Mallawarachchi

More from Admin

Enable Notifications OK No thanks