පුංචි සිතේ පුංචි සිනා

Lyrics

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපණැල්ලේ
රන්චුගැසී හාදවෙලා මල් හසරැල්ලේ //

පුන්චිදේට කතාවෙලා රන්ඬුවෙලා වෛර බැඳන්
කතානොමැති ගෙවල් තුනක දූල පුතාලා
අම්මලාට හොරෙන් ඇවිත් සෙනේසිතින් යාළුවෙලා
පුන්චි පැටව් එක පවුලකි වෙල් ඉපණැල්ලේ

පුංචි සිතේ පුංචි සිනා…..

දෙමාපියන් කතා නැතුව වෛර උනත් ඒ වාගේ
පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
මල්වාගේ දුවේ පුතේ ලොකු අයටත් හඬගාලා
ජීවිතයේ කතන්දරේ කියාදියන්නේ

පුංචි සිතේ පුංචි සිනා…..//

punchi sithe punchi sina-Neela Wickramasinghe Nila

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks