රජෙකු වුනත්

Lyrics

රජෙකු වුණත් ගිලන් වෙලා //
එක් තැන් වුණ දා
කියනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා //

ඉසුරු සමඟ හාද වෙලා //
නොසතුට ආ දා
දැනෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා //

බැරි වුණ දා නෑදෑයන් //
අතහැර ගියදා
සිතෙනවාට සැකයක් නෑ (සැකයක් නෑ)
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා //

Rajeku Unath Gilan Wela Lyrics – Sunil Edirisinghe

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks